මීටියාගොඩ ඉඩමකින් ගිනි අවියක්, උණ්ඩ හා මත්කුඩු සොයා ගනියි


මීටියාගොඩ වේරගොඩ වත්තක වළ දමා තිබූ මත් කුඩු තොගයක් ,ගිනි අවියක් ,පතුරම් තොගයක් අද (8) සොයාගත් බවත් ඒ සම්බන්ධයෙන් එම ඉඩම් හිමියා ද අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වත්තේ වළ දමා තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු ග්‍රෑම් පහළොවක්,ටී පනස් හයේ ගිනි අවියක්,එම ගිනි අවියට දැමිය හැකි පතුරම් දහසයක් සහිත පතුරම් ගැබක් සහ මිලි මීටර් නවයේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක හිස් පතුරම් ගැබක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකාර ඉඩම් හිමියා හතලිස් පස් හැරිදි අයෙකු බවත් ඔහු ජීවත්වනුයේ මුදල් පොලී කිරීමෙන් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු විවිධ අපරාධයන් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අයෙකුගේ සොහොයුරෙකු බවත් පොලීසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles